රූපවාහිනී නිර්මාණවල ගුණාත්මක වර්ධනයක් ඇතිකිරීම හා නිර්මාණකරුවන් අගය කිරීමේ අරමුණෙන් සංස්කෘතික කටයුතු රාජ්‍ය අමාත්‍යංශයේ උපදෙස් පරිදි සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව මගින් සංවිධානය කරනු ලබන රූපවාහිනී රාජ්‍ය සම්මාන උළෙල - 2015 සඳහා නිර්මාණ බාරගැනීම මේ දිනවල සිදුකරන බව සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ශ්‍රී ලංකාවේ රූපවාහිනී නාලිකා මගින් 2014 වර්ෂයේ දෙසැම්බර් 31 වන දින වන විට විකාශය වී අවසන් වූ රූපවාහිනී නිර්මාණ පමණක් සම්මාන ප්‍රදානය සඳහා සලකා බලනු ලබන අතර සිංහල, දෙමළ හා ඉංග්‍රීසි මාධ්‍ය සඳහා වෙන වෙනම සම්මාන පිරිනැමේ.

රූපවාහිනී ප්‍රාසාංගික නාට්‍ය, ඒකාංගික නාට්‍ය, වාර්තා වැඩසටහන්, වාර්තා චිත්‍රපට, සඟරාමය වැඩසටහන්, ප්‍රාසාංගික ළමා වැඩසටහන්, සංගීත වැඩසටහන්, රූපවාහිනී සම්ප්‍රවේශක (Presenter) රූපවාහිනී ප්‍රවෘත්ති වාර්තාකරණය, ප්‍රවෘත්ති නිවේදක, අධ්‍යාපනික හා සංස්කෘතිකමය වටිනාකමකින් යුත් රූපවාහිනී වැඩසටහන්, රූපවාහිනී පූර්ණ පට, රූපවාහිනී ළමා නාට්‍ය, රූපවාහිනී පූර්ව ප්‍රචාරක පට :දේශීය නිර්මාණ-, රූපවාහිනී ක්‍රීඩා වැඩසටහන්, ආගමික වැඩසටහන්, හඩකැවීම් වැඩසටහන්, සාකච්ඡාමය වැඩසටහන්, දෘෂ්‍ය ගීත නිර්මාණල පසුතල නිර්මාණ (ටෙලි නාට්‍ය නොවන), රූපවාහිනී ග්‍රාෆික / සජීවිකරණ නිර්මාණල ආලෝකකරණ අධ්‍යක්ෂණය (බහු කැමරා නිෂ්පාදන), ප්‍රචාරක දැන්වීම් (සාමාජමය/වෙළඳ) හා කෙටි චිත්‍රපට ආධුනික/ප්‍රවීණ-රූපවාහිනී මාධ්‍ය පිළිබඳ ලියැවුණු සාහිත්‍ය කෘතිය ආදී අංශ 25ක් සම්මාන දීම සඳහා සලකා බලනු ලැබේ.

විස්තර පත්‍රිකාව හා අයදුම්පත් අධ්‍යක්ෂ, සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව, සෙත්සිරිපාය, බත්තරමුල්ල යන ලිපිනයට පැමිණ හෝ මුද්දර කවරයක් එවීමෙන් ලබාගත හැකිය. සියලු නිර්මාණ ඩී.වී.ඩී තැටි වියයුතු අතර නිර්මාණ බාරගැනීම 2015 සැප්තැම්බර් මස 30දා ප.ව. 4.00 ට අවසන් වෙයි.

වැඩි විස්තර 0112 872 031 හෝ 0112 888 253 දුරකථනයෙන් ලබාගත හැකිය.