පළමුවත් දෙවනුවත් තෙවනුවත් සත්‍යය වාර්තා කරන ලෙස මාධ්‍යවේදීන්ගෙන් ඉල්ලා සිටින බව පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ සහ ජනමාධ්‍ය අමාත්‍ය ලෙස යළි දිවුරුම් දුන් ගයන්ත කරුණාතිලක මහතා ප්‍රකාශ කරයි.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ පසුගිය සිකුරදා (04)ජනාධිපති ඉදිරියේ යළි පදවිප්රාප්තවීම සඳහා දිවුරුම් දීමෙන් පසුව ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථා පරිශ්‍රයේ පැවති පිළිගැනීමේ උත්සවය අමතමිනි.
මෙම පිළිගැනීමේ උත්සවය ජනමාධ්‍ය අමාත්‍යංශයට අනුබද්ධිත ආයතනවල වෘත්තීය සමිති එක්ව ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථා සහ ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථා පරිශ්‍රය කේන්ද්‍ර කර ගනිමින් සංවිධානය කර තිබිණි.
ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව සහ ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව ඉදිරිපසින් උණුසුම් ලෙස පිළිගැනීමට ලක් වූ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ සහ ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පළමුව ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථා පරිශ්‍රයේ දී බුදුන් වැඳ මහා සංඝරත්නයේ ආශිර්වාද ලබා ගත්තේය. අනතුරුව ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථා පරිශ්‍රයේ පැවති උත්සවයට සහභාගී විය.
දේශපාලන ජීවිතය තුළ සිය දෑත් සෑමවිටම චෝදනාවලින් නිදහස් පිරිසිදුව තබා ගැනීමට සමත් වූ බවත් ඉදිරියටත් එසේ අවංකව චෝදනාවලින් වැළකෙමින් කටයුතු කරන බවත් අමාත්‍යවරයා එහි දී අවධාරණය කළේය.
පළමුවරට පසුගිය ජනවාරියේ දී තමන් සිය ධුරයේ වැඩ භාරගත් අවස්ථාවේ දී පැවසුවාක් මෙන් මාධ්‍යවේදීන් හට නිදහසේ කටයුතු කිරීමට හැකි වාතාවරණයක් සකස් කිරීමට ඉදිරියේදීත් කැප වෙන බව පැවසූ අමාත්‍යවරයා මාධ්‍යවේදීන් වෙනුවෙන් යතුරු පැදි ඇතුළු හැකි සෑම රාජ්‍ය අනුග්රහයක්ම ලබා දීමට කටයුතු කරන බවත් ප්‍රකාශ කළේය.
ජනමාධ්‍යවේදීන් ලෙස ස්වකීය අභිමතාර්ථය පරිදි පක්ෂ පාට සමඟ දේශපාලන කෝණවල සිටිමින් කටයුතු නොකරන ලෙසත් අවධාරණය කළ ඒ මහතා තමා ද මෙතෙක් කාලයක් එලෙස සියලුම පක්ෂ සමඟ සුහඳව කටයුතු කළ බවත් ඉදිරියේදීත් තමාගේ එම ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන බවත් පැවසීය.
හිටපු ජනමාධ්‍ය අමාත්‍යංශ ලේකම්, නව පාර්ලිමේන්තු මන්ත්‍රී කරුණාරත්න පරණවිතාන, ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ සභාපති රවී ජයවර්ධන, ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සභාපති නීතිඥ නන්ද මුරුත්තෙට්ටුවේගම, වෘත්තීය සමිති කටයුතු පිළිබඳ සහකාර ලේකම් ලලිත් ඉන්දික යන මහත්වරුන් ද මෙහිදී සභාව ඇමතූහ.
රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තු අධ්යක්ෂ ජෙනරාල් ආචාර්ය දර්ශනී ගුණතිලක මහත්මිය, ජනමාධ්‍ය අමාත්‍යංශයට අනුබද්ධිත ආයතනවල වෘත්තීය සමිති සාමාජිකයින්, ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ, ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ සහ රාජ්‍ය මුද්‍රණ සංස්ථාවේ නිලධාරීන් ඇතුළු මාධ්‍යවේදීන් රැසක් මීට එක්ව සිටියහ.