අභිනව රජයේ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යධුරයට පත් ගරු අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා එළඹෙන බ්‍රහස්පතින්දා (10) උදෑසන පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේදී සිය ධුරයේ වැඩ භාරගැනීමට නියමිතය. මෙ වනවිට ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ධුරයේද රාජකාරී ඉටුකරන ගයන්ත කරුණාතිලක මහතා පැවති රජයේ ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙසද කටයුතු කරනු ලැබීය. එසේම වසර දහයකට අධික කාලයක් එක්සත් ජාතික පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙසද ඒ මහතා කටයුතු කර තිබේ.