පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යාංශ ලේකම් ඩබ්.එම්.වී. නාරම්පනාව මහතා අද (09) අමාත්‍යාංශයේදී සිය ධුරයේ වැඩ භාරගනු ලැබීය. ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයෙක් ලෙසද වසර ගණනාවක් සේවය කර ඇති ඒ මහතා රාජ්‍ය පරිපාලන ක්ෂේත්‍රයේ විවිධ තනතුරු දැරූ අත්දැකීම් බහුල ප්‍රකට පරිපාලන නිළධාරියෙකි. මෙම අවස්ථාවට පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (පාලන) කේ.ඩබ්.ටී.එන්. අමරතුංග මහත්මියද , අතිරේක ලේකම් (සංවර්ධන හා සැලසුම්) බී.කේ.එස්. රවීන්ද්‍ර මහතා ඇතුළු අමාත්‍යාංශයේ නිළධාරීන් රැසක් එක්විය.