නව රජයේ කැබිනට් ප්‍රකාශක ලෙස පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පත් කෙරේ. ඊයේ පැවති නව රජයේ පළමු කැබිනට් රැස්වීමේදී අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ යෝජනා ස්ථිරත්වයෙන් මෙම පත්කිරීම සිදු කර තිබේ.