අටවැනි අභිනව පාර්ලිමේන්තුවට තේරී පත් වූ මන්ත්‍රීවරුන් සහ මන්ත්‍රීවරියන් වෙනුවෙන් පවත්වනු ලබන දැනුවත් කිරීමේ වැඩමුළුව අදත් පැවැත්වෙයි.
වැඩමුළුව දින දෙකක් තුළ පැවැත්වෙන අතර මෙහි සමාරම්භක උත්සවය ඊයේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ සහ කතානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වියගදෙවැනි දින වන අද (11) වැඩමුළුව සැසිවාර දෙකකින් යුක්ත වෙයි.
සභාවේ පරිචයන්, ක්‍රියාපටිපාටීන් සහ සම්ප්‍රදායන්, මහජනතාව සමඟ සම්බන්ධ වී ඔවුනට ඇහුම්කම් දී ඔවුන්ගේ අවශ්‍යතා පාර්ලිමේන්තු ක්‍රියාවලියට යොමු කිරීම, කාරක සභා හී කර්තව්‍ය සඳහා ඵලදායී දායකත්වයක් ලබාදෙන්නේ කෙසේ ද යන්න සාකච්ඡාවට බදුන් වෙයි.
මෙහි දේශන මෙහෙය වීම, පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක,යූ.එන්.ඩී.පී පාර්ලිමේන්තු උපදේශක සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චාල්ස් ෂෝවෙල්ල ප්රජාතන්ත්රවාදය සඳහා වන වෙස්ට්මින්ස්ටර් පදනමේ ආසියා කලාපයේ ප්‍රාදේශීය අධ්යක්ෂ ආචාර්ය ඩීනා මෙල්හැම් යන මහත්ම මහත්මීන් විසින් සිදු කරයි.
මන්ත්‍රීවරුන්ට සහ මන්ත්‍රීවරියන්ට තමන්ට තිබෙන වගකීම, පාර්ලිමේන්තු යාන්ත්‍රණය තුළින් වඩා කාර්යක්ෂම හා ඵලදායී ආකාරයෙන් සිදු කරගනීම සඳහා පාර්ලිමේන්තු නීති රීති, සම්ප්‍රදායන් පිළිබඳව දනුවත් කිරීම සඳහා මෙම වැඩමුළුව සංවිධානය කෙරුණු බව පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා ප්‍රකාශ ඊයේ (10) වැඩමුළුව අමතමින් පවසා සිටියේ ය.