අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දෙදින නිල සංචාරයක් සඳහාල ඉන්දියාවේ නවදිල්ලි නුවර බලා අද (14) පිටත් වීමට නියමිතය. ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ආරාධනයෙන් ඉන්දීය සංචාරයට එක්වන රනිල් වික්‍රමසිංහ මහතා එහිදී නරේන්ද්‍ර මෝදි, ජනාධිපති ප්රණාබ් මුඛර්ජි මහත්වරු සහ විදේශ ඇමැතිනී සුස්මා ස්වරාජ් මහත්මිය සමග ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට ද නියමිතව ඇත.
ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර මිත්‍රත්වය ශක්තිමත් කරමින්, කලාපීය සාමය හා සංහිඳියාව තහවුරු කිරීම පිළිබඳව ද මෙම සංචාරයේ දී දෙරටේ නායකයෝ අවධානය යොමු කරනු ඇත.
අග්‍රාමාත්‍යවරයා ලෙස පත්වීමෙන් අනතුරුව රනිල් වික්‍රමසිංහ මහතා සහභාගි වන මුල්ම නිල විදේශ සංචාරය වන මෙම සංචාරය සඳහා අග්‍රාමාත්‍ය බිරිඳ මෛත්‍රී වික්‍රමසිංහ මහත්මියද එක්වේ.
විදේශ අමාත්‍ය මංගල සමරවීර, සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ කටයුතු අමාත්‍ය මලික් සමරවික්‍රම, අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක, අතිරේක ලේකම් සමන් අතාවුද හෙට්ටි, ඉන්දීය නව ශ්‍රී ලංකා කොමසාරිස් ලෙස පත්කිරීමට නියමිත ඇසළ වීරකෝන් යන මහත්වරුද මෙම සංචාරයට සහභාගි වෙති.