පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ සහ ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා ඊයේ සිය ධූරයේ වැඩ භාර ගනීමෙන් අනතුරුව දළදා සමිදුන් වැඩපුද ගත්හ.
එම අවස්ථාවට ගරු ඇමතිතුමාගේ පෞද්ගලික ලේකම් දයා අවිරුප්පොල, මාධ්‍ය ලේකම් බුද්ධිෂ මධුෂන්ක අබේගුනවර්ධන, රජයේ ප්‍රවෘති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජෙනරාල් වරිය වන දර්ශනී ගුණතිලක, ස්වාධීන රූපවහිනි සේවයේ සාමාන්‍යාධිකාරි ලාල් හේමන්ත මාවලගේ සහ ගුවන්විදුලි සංස්ථාවේ නිළධාරින්, පාර්ලිමේන්තුවේ ගරු ඇමතිතුමාගේ ලේකම් වජිර කඹුරු ගමුවල, එජප ජපන් ශාඛාවේ සභාපති යසේන්ද්‍ර සමරසේකර මෙන්ම මහනුවර එජාප පළාත් මන්ත්‍රී චානක අයිලප්පෙරුම ඇතුළු එජාප ප්‍රභලයන් කිහිපදෙනෙකුද සහාභාගි විය.
දළදා සමිදුන් වැඩපුදා ගැනීමෙන් අනතුරුව අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා අස්ගිරි මල්වතු මහ නාහිමිවරු බැහැ දැකීමට අස්ගිරි මල්වතු විහාරයන්ටද ගියහ.
එහිදී මල්වතු හිමියන් ඇමතිවරයාට කියා සිටියේ වෙනදාට වඩා මාධ්‍ය නිදහසක් අද පවතින බවත් එය රටේ අනාගතයේ සුභ සළකුනක් බවත්ය.