පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා සිය අමාත්‍යාංශය යටතේ පවතින ආයතන ප්‍රධානීන්ගේ පළමු රැස්වීම ඊයේ (29) පාර්ලිමේන්තු කටයුතු හා ජනමාධ්‍ය අමාත්‍යාංශ ශ්රවණනාගරයේදී පැවැත්විය.
මාසික ආයතන ප්‍රධානීන් රැස් කර ආයතනවල වැඩපිළිවෙළ සම්බන්ධයෙන් සාකච්ඡා කරන බවත් එහිදී ඉලක්ක ගත වැඩපිළිවෙළක් ඉදිරියේදී සකස් කරන බවත් අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.
ඒ ඒ ආයතනවල සංයුක්ත සැලැස්ම අනුව මෙම වසරේ ක්‍රියාකාරී සැලැස්ම හා මේ දක්වා වන ක්‍රියාත්මක ප්‍රගතිය සම්බන්ධයෙන් සාකච්ඡාවට ලක් විය.
රජයේ ප්‍රවෘත්තු දෙපාර්තමේන්තුව, රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව, ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව, සීරැස ස්වාධීන රූපවාහිනී සේවය, සී/ස එක්සත් ප්රවෘත්ති පත්‍ර සමාගම, රාජ්‍ය මුද්‍රණ සංස්ථාවල ජාතික චිත්‍රපට සංස්ථාව, සැලසිනේ රූපවාහිනී ආයතනය, ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය, සී/ස ලංකාපුවත් ආයතනය, ශ්‍රී ලංකා ජනමාධ්‍ය අභ්‍යාස ආයතනය, මහින්ද රාජපක්ෂ ටෙලිසිනමා ගම්මානය, යන ආයතන ප්‍රධානීන් මෙම අවස්ථාවට එක්ව සිටියහ.