"වන රෝපා" ජාතික රුක් රෝපණ මාසයේ සමාරම්භය සනිටුහන් කිරීමේ උත්සවය ඊයේ (01) කුලියාපිටියේදී පැවැත්විණ.

වන සංරක්ෂණ ජනරාල් අනුර සතුරුසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සමාරම්භක අවස්ථාව සිදුවිය. මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන තේමාව " ජන හිසට - තුරු සෙවණ " යන්නයි. ජනාවාස ආශ්‍රිතව තුරු වියන් සෑදීමට දායක වන සේ ගස් වැවීමෙන් හරිත බව ප්‍රවර්ධනය සහ එහි ප්‍රතිලාභ ජනතාවට ලැබෙන ලෙස තහවුරු කිරීම මෙහි අරමුණයි.



අතිගරු ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශය සංවිධානය කරන "වන රෝපා" ජාතික රුක් රෝපණ වැඩසටහන ඔක්තෝබර් මාසය පුරා දිවයින ම ආවරණය වන පරිදි ක්‍රියාවට නැංවෙයි.