2015 ලෝක ජනාවාස සැමරුම් උළෙල අද (05) කොළඹ 10, මාළිගාවත්ත ප්‍රදීපා සැමරුම් ශාලාවේ දී පැවැත්වේ.

මෙවර ලෝක ජනාවාස දින සැමරුම් උළෙල "විවෘත භූමිය සැමට" යන තේමාවෙන් යුතුව සැමරේ.



මෙහිදී ලෝක ජනාවාස දින පණිවුඩය ප්‍රකාශයට පත් කිරීම, නිවාසලාභීන්ට ඔප්පු හා බදු ඔප්පු ප්‍රදානය, ළමා හා යොවුන් කුසලතා සඳහා ත්‍යාග හා සම්මාන ප්‍රදානය කිරීම ද සිදු කෙරෙනු ඇත.

මෙම අවස්ථාව සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නේවාසික සම්බන්ධිකාරක සුබිනේ නන්දි, මහනගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක, නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍ය රාවුෆ් හකීම්, කඳුරට නව ගම්මාන, යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍ය පලනි දිගම්බරම්, නිවාස හා ඉදිකිරීම් නියෝජ්‍ය අමාත්‍ය ඉන්දික බණ්ඩාරනායක මහත්වරු ඇතුළු පිරිසක් සහභාගිවීමට නියමිතය.

ලෝක ජනාවාස දිනයට සමඟාමීව නිවාස හා ඉදිකිරීම් අමාත්‍යංශය විසින් ප්‍රකාශයට පත් කළ ජනාවාස සතිය තුළ දිවයින පුරා විශේෂ වැඩසටහන් ගණනාවක් ක්‍රියාත්මක කිරීමට නියමිතය.