ජපානයේ නිල සංචාරයක නිරත වන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (04) කියෝතෝ නුවර දී ජපාන අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ මහතා හමුවී ද්වීපාර්ශවික සාකච්ඡාවක් පවත්වා ඇතැයි ග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළේය.

මේ අතර අග්‍රාමාත්‍යවරයා කියෝතෝහි දි ජාත්‍යන්තර විද්‍යා හා තාක්ෂණ සහ සමාජය පිළිබඳ සමුළුව ද අමතා ඇත.

එසේම අද දිනයේ (05) වික්‍රමසිංහ මහතා ජපාන පාර්ලිමේන්තුව ද ඇමතීමට නියමිතය.