08 වන පාර්ලිමේන්තුවේ මන්ත‍්‍රිවරුන්ගේ කාර්යය මණ්ඩලය සඳහා පුහුණූ වැඩසටහන් පැවැත්වීම පාර්ලිමේන්තු ප‍්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් ආරම්භ කර ඇත.

ඒ අනුව එහි ප‍්‍රථම වැඩසටහන ලෙස රියදුරු කාර්යය මණ්ඩලය සදහා න්‍යායාත්මක පුහුණු වැඩසටහන 2015 ඔක්තොම්බර් අටවන දින පැලවත්ත පිහිටි ඉදිකිරීම් හා යන්ත්‍රෝපකරණ ආයතනයේදි පැවැත්විය.

ආරක්ෂිත හා විනීත රියදුරන් බිහිකිරීම පරමාර්ථයෙන් සංවිධානය කර ඇති මේ වැඩමුළුවෙහි ආරක්ෂිත ලෙස විද්‍යාත්මක රිය පැදවීම ,සංශෝධිත මෝටර් රථ ආඥා පනත සහ නව මාර්ග නීති ආදි රිය පැදවීමේදි අත්‍යවශ්‍ය සහ වැදගත් මාතෘකා පිළිබඳ ප‍්‍රවීන නිළධාරින් විසින් දේශන පවත්වනු ලැබීය.

එම ප‍්‍රථම වැඩසටහනේ සමාලෝචන අවස්ථාවට පාර්ලිමේන්තු ප‍්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය,ආණ්ඩු පක්ෂයේ ප‍්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක මහතා සහ අමාත්‍යාංශ ලේකම් වජිර නාරම්පනාව යන මහත්වරුන් සහභාගි විය.

මන්ත‍්‍රි කාර්යය මණ්ඩලයේ පර්යේෂණ සහකාර මන්ත‍්‍රි ලේකම්,යතුරු ලේඛක සහ කාර්යාල කාර්යය සහායක යන අංශ සඳහා හා පුහුණු වැඩමුළු යථා කාලයේදි පැවැත්වීමට කටයුතු සංවිධානය විය.