විජය කුමාරතුංග නාමය ලාංකීය ජනතාවගේ සිත්තුලින් ඈත් කල නොහැකි බව ඇමති ගයන්ත කරුණාතිලක මහතා පවසයි. ඔහු කිසිවිටෙක ප්‍රතිපත්තිවලින් බැහැර වූ පුද්ගලයකු නොවේ. ඔහුගේ ප්‍රතිපත්තිගරුක දේශපාලනය සියඵ දෙනාට ආදර්ශයකි. අවංකව ජනතාව වෙනුවෙන් පෙනී සිටි ඔහු දුර්ලබ ගනයේ පුද්ලයකු බව ඇමතිවරයා පවසයි. විජය කුමාරතුංග අනුස්මරණ සහෘද සංසදය සංවිධාන කළ විජය හැත්තෑවන ජන්ම දින සැමරුම් උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පල කළේය. සැමරුම් උත්සවය ගුවන් විදුලි සංස්ථාවේ ආනන්ද සමරකෝන් මැදිරියේදී ඊයේ පැවැත්විණ.

ප්‍රධාන සමරු දේශනය ප්‍රවීණ කලාකරු සතිස්චන්ද්‍ර එදිරිසිංහ මහතා පැවැත්වීය. විජය කුමාරතුංග ගායනය කළ දුර්බල ගනයේ ගීත එකතුවක් මෙහිදී ජනමාධ්‍ය අමාත්‍යවරයාට පිලිගැන්විණ. ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ අධ්‍යක්ෂ ජනරාල් ඒරානන්ද හෙට්ටිආරච්චි, ජනමාධ්‍ය අමාත්‍යවරයාගේ මාධ්‍ය ලේකම් බුද්ධිෂ මධුශංක අබේගුණවර්ධන, චිත්‍රපට අධ්‍යක්ෂ පද්මසිරි කොඩිකාර, කීටස් මෙන්දිස්, සංජීවනී වීරසිංහ සහ ප්‍රවීණ කලාකරුවෝ රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.