ජනමාධ්‍යවේදීන් සඳහා තීරුබදු රහිත යතුරුපැදි ලබාදීම වෙනුවෙන් ජනමාධ්‍ය අමාත්‍යාංශය මගින් මේ දිනවල පවත්වනු ලබන සම්මුඛ පරීක්ෂණ සිදුකෙරෙන ආකාරය ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා විසින් නිරීක්ෂණය කළ අතර දිවයිනේ නන් දෙසින් සම්මුඛ පරීක්ෂණ සඳහා පැමිණ සිටි මාධ්‍යවේදීහු ද හමු වූහ.
තීරුබදු රහිත යතුරුපැදි ලබා ගැනීම සඳහා මාධ්‍යවේදීන් 3000 කට අධික පිරිසක් ඉල්ලූම් කර ඇත.