දෙරටේ ජාතික ප්‍රතිපත්ති පිළිබද අභ්‍යන්තර සහයෝගීතාවයෙන් කටයුතු කිරීම පිළිබදව විශේෂ කමිටුවක් පත්කිරීම පිළිබඳව සහ එම විශේෂ කමිටුවට ශි‍්‍ර ලංකා ගුවන්විදුලි සංස්ථාව, ශී‍්‍ර ලංකා රූපවාහිනි සංස්ථාව, ජනමාධ්‍ය අමාත්‍යාංශය සහ කියුබානු තානාපති කාර්යාලීය නිළධාරීයෙක්ද ඇතුලත් විය යුතු බව මෙහිදී සාකච්ඡා කෙරුණි.
ශී‍්‍ර ලංකාවේ කියුබානු තානාපති Florentino Batista මහතා සහ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය සහ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක මහතා ජනමාධ්‍ය අමාත්‍යාංශයේදී හමු වූ අවස්ථාවේ දී මෙම කරුණු සාකච්ඡා කෙරුණි.
මෙම අවස්ථාවට ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වජිර නාරම්පනාව , රජයේ ප්රවෘත්ති අධ්‍යක්ෂිකා ආචාර්ය දර්ශනී ගුණතිලකජාතික රූපවාහිනි සංස්ථාවේ සභාපති නීතිඥ රවී ජයවර්ධන, ශී‍්‍ර ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සභාපති නීතඥ නන්ද මුරුත්තෙට්ටුව, යන මහත්ම මහත්මීහු මෙම අවස්ථාවට සහභාගී වූහ.