තායිලන්තයේ සිව් දින නිල සංචාරයක නිරත ජනාධිපති ගරු මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා ඊයේ (04) පෙරවරුවේ ස්රා පතුම් මාළිගයේදී එරට ඔටුන්න හිමි මහා චක‍්‍රි සිරින්ධෝන් කුමරිය මුණ ගැසුණේය.

ජනාධිපතිතුමා මහත් හරසරින් පිළිගත් චක‍්‍රි සිරින්ධෝන් කුමරිය තමා ශ‍්‍රී ලංකාවට පැමිණි අවස්ථාවන් වලදී ශ‍්‍රී ලංකාව ඉතා මනරමි මෙන්ම ආගන්තුක සත්කාර හොදින් ඉටුකරන රටක් බවට පසක් වූ බව ජනාධිපතිතුමා හමුවේ ප‍්‍රකාශ කළාය.

තායිලන්තයට පැමිණීමේ සදහා කළ ආරාධනයට ස්තූතිය මෙන්ම පැමිණි පසු තායිලන්ත රජය ඇතුඑ ජනතාවගේ උණුසුම් පිළිගැනීම සමිබන්ධයෙන් සිය සතුට පළ කළ ජනාධිපතිතුමා හැකි ඕනෑම අවස්ථාවක ශ‍්‍රී ලංකාවට පැමිණෙන ලෙස ඇයට ආරාධනාවක් ද කළේය.

ශ‍්‍රී ලංකාව හා තායිලන්තය අතර රාජතාන්ත‍්‍රික සබදතා වලට වසර 60 ක් පිරීම නිමිත්තෙන් තායිලන්ත අග‍්‍රාමාත්‍ය ජෙනරාල් ප‍්‍රියුත් චාන් ඕටා මහතාගේ විශේෂ ආරාධනයක් මත ජනාධිපති ගරු මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා ඉකුත් 01 වැනිදා පස්වරුවේ තායිලන්තය බලා පිටත්ව ගියේය.

සිව් දින නිල සංචාරයේ රාජ්‍ය තාන්ත‍්‍රික කටයුතු ආරම්භ කරමින් ජනාධිපතිතුමා සහ තායිලන්ත අග‍්‍රාමාත්‍යවරයා අතර දිවී පාර්ශවික සාකච්ඡා පැවති අතර මහියංගන රජමහා විහාරස්ථානයේ සිට තායිලන්තයට වැඩම කරවන ලද සර්වඥ ධාතූන් වහන්සේලා ප‍්‍රදර්ශනය ජනපති අතින් විවෘත කිරීමද සිදුවිය.

තවද බැංකොක් නුවර පැවති ශ‍්‍රී ලංකා – තායිලන්ත වෙළද සමුඑව ද ජනාධිපතිතුමා අමතනු ලැබූ අතර ශ‍්‍රී ලංකාවෙන් වැඩම කරවන ලද සමාධී බුද්ධ ප‍්‍රතිමා අනුරුවක් තායිලන්තයේ තම්මලාන් විහාරස්ථානයේ තැන්පත් කිරීම ද ජනාධිපතිතුමා අතින් සිදුකෙරිණි.

ශ‍්‍රී ලංකාව හා තායිලන්තය අතර පවතින දීර්ඝකාලීන ආගමික හා සංස්කෘතික සබදතාවයන් මෙම නිල සංචාරය තුලින් තවදුරටත් ශක්තිමත් විය.