පුවත්පත් අලෙවි නියෝජිතයින් ඉදිරිපත් ගැටළු සලකා බලමින් ඒවාට විසඳුම් ලබාදීමේ සුවිශේෂී හමුවක් පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ සහ ජනමාධ්‍ය අමාත්‍ය ගරු ගයන්ත කරුණාතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (29) පැවැත්විණි. ජනමාධ්‍ය අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ පැවති මෙම සාකච්ඡාවට සමස්ත ලංකා පුවත්පත් අලෙවි නියෝජිතයින්ගේ සංගමයේ නිලධාරීන් මෙන්ම මුද්‍රිත මාධ්‍ය ප්‍රකාශකයින් රැසක් එක්ව සිටියහ. මෙතෙක් මුද්‍රිත මාධ්‍ය කර්මාන්තයේ නියෙලෙන්නන් සහ මුද්‍රිත මාධ්‍ය අලෙවිකරුවන් මුහුණ දුන් ගැටළු රැසකට කඩිනම් විසඳුම් ලබාදීමට මෙහිදී තීරණය විය. පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ සහ ජනමාධ්‍ය අමාත්‍යාංශ ලේකම් වජිර නාරම්පනාව මහතාද මෙම අවස්ථාවට එක් විය.