අපවත් වී වදාළ කෝට්ටේ ශ්‍රී නාග විහාරාධිපති අතිපූජ්‍ය මාදුළුවාවේ සෝභිත ස්වාමීන් වහන්සේ වෙනුවෙන් නොවැම්බර් 12 වන දින ජාතික ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට රජය පියවර ගෙන තිබේ. සිංගප්පූරුවේ මවුන්ට් එළිසබෙත් රෝහලෙහි ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (08) අලුයම අපවත් වූ උන්වහන්සේ අපවත්වනවිට 73වන වියෙහි පසුවූහ.