ජාතික රූපවාහිනී රන් සම්මාන උළෙල රූපවාහිනි සංස්ථාවේ තුන්වන මැදිරියේදී පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා ගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පැවැත්විණි.
එහිදී සේවා කාලය වසර විස්ස ඉක්ම වූ තිස්හත් දෙනෙකු අමාත්‍යවරයා අතින් රන්සම්මාන ලබා ගත්තහ. මෙම අවස්ථාවට ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවේ සභාපති නීතිඥ රවී ජයවර්ධන, අධ්යක්ෂ ජෙනරාල් මහාචාර්ය සුනිල් ශාන්ත , ප්‍රවීන නිළි වීනා ජයකොඩි, තිලක්කුමාර රත්නායක යන මහත්ම මහත්මීහු සහභාගී වූහ.