ගරු ප‍්‍රංශ ජනාධිපති

ෆැන්කුවා හොලන්ඞ් මැතිතුමා

ගරු ජනාධිපතිතුමනි,

ජීවිත හානි ගණනාවක් සිදු කරමින් සහ තවත් විශාල සංඛ්‍යාවකට තුවාල සිදු කරමින් 2015 නොවැම්බර් 13 වනදා පැරීසීයේ සිදු වූ ම්ලේච්ඡ ත‍්‍රස්ත ප‍්‍රහාරය පිළිබඳ මාගේ බලවත් ශෝකය ප‍්‍රකාශ කරමි. ප‍්‍රංශ රජයටත්, ජනතාවටත්, මියගිය අයගේ සහ තුවාල ලැබූවන්ගේ පවුල්වල සාමාජිකයින් වෙනුවෙන් ශෝකය පළ කිරීමට ශී‍්‍ර ලංකා රජය සහ ජනතාව ද මා සමග එක් වෙයි.

ත‍්‍රස්තවාදයෙන් කාලයක් තිස්සේ දැඩි පීඩා විදි රටක් වශයෙන් ශී‍්‍ර ලංකාව මෙවන් ත‍්‍රස්ත කි‍්‍රයා දැඩි ලෙස හෙළා දකී. ත‍්‍රස්තවාදී සහ අන්තවාදී ව්‍යසනයන් දුරලීමට ජාත්‍යන්තර ප‍්‍රජාව එක්ව කටුයතු කිරීම අත්‍යාවශ්‍ය වේ.

මෙම ශෝකජනක අවස්ථාවේ ශී‍්‍ර ලංකා රජය සහ ජනතාව ප‍්‍රංශ රජය සහ ජනතාව සමග ශෝකය බෙදා ගැනීමට එක්ව සිටී.

මෛතී‍්‍රපාල සිරිසේන