මියන්මාර් මැතිවරණයෙන් විශිෂ්ට මෙන්ම ඓතිහාසික ජයග්‍රහණයක් ලැබූ ප්රජාතන්ත්රවාදය උදෙසා වූ ජාතික සංගමයේ නායිකා අවුන් සාන් සූ කී මහත්මියට ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා සිය උණුසුම් සුබ පැතුම් පිරිනැමීය.
අවුන් සාන් සූ කී මහත්මිය ඊයේ (15) දුරකථනයෙන් ඇමතු ජනාධිපතිතුමා තම සුබ පැතුම් පළ කළ අතර අවුන් සාන් සූ කී මහත්මියගේ ඥානසම්භාරය සහ ධෛර්යය මියන්මාර් ජනතාවටත් සෙසු ලෝක වාසි ජනතාවටත් සතුට සහ ප්‍රගතිය ගෙන දෙනු ඇතැයිද ප්‍රාර්ථනා කළේය.
ප්රජාතන්ත්රවාදය උදෙසා වූ ජාතික සංගමයේ නායිකාව වශයෙන් දශක කිහිපයක් තිස්සේ මියන්මාරයේ ප්රජාතන්ත්රවාදය උදෙසා අවුන් සාන් සූ කී මහත්මිය ගෙන ගිය අභීත ව්‍යාපාරය පිළිබදව තම නිරන්තර අවධානය යොමු වූ බව ප්‍රකාශ කළ ජනාධිපතිතුමා මෙම ඓතිහාසික ජයග්‍රහණයත් සමග මියන්මාරය යළි ජාත්‍යන්තර ප්රජාතන්ත්රවාදී පවුලේ සාමාජිකයෙක් බවට පත්වූ බවද පැවසීය.
ශී‍්‍ර ලංකාව සහ මියන්මාරය අතර අතීතයේ සිට පවතින ආගමික සහ සංස්කෘතික මෙන්ම වෙළද සබදතාවයන්ද මෙහිදී ජනාධිපතිතුමා සිහිපත් කළේය.