විධායක ජනාධිපති ධූරය අහෝසි කර එහි බලතල පාර්ලිමේන්තුවට පැවරීම සහ සමානුපාතික නියෝජිත ඡන්ද ක්‍රමය සංශෝධනය කොට වඩාත් ප්රජාතාන්තී්රය මැතිවරණ ක්‍රමයක් හඳුන්වාදීම පිළිබඳ කැබිනට් පති‍්‍රකාව ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මැතිතුමා විසින් ඊයේ (18) කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළේය.
එම යෝජනාව පරිදි අග්‍රාමාත්‍යතුමාගේ සහභාගිත්වයෙන් මේ පිළිබඳ අමාත්‍ය මණ්ඩල අනු කමිටුවක් පත් කිරීමටත් එම අනු කමිටුව මගින් ඉදිරි සති දෙක ඇතුළත වාර්තාවක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළයුතු බවටත් ඉන් අනතුරුව නීති කෙටුම්පත් නිළධාරින් මගින් නීති කෙටුම්පතක් සකස් කිරීමට නියම කළයුතු බවටත් මෙහිදී තීරණය කෙරිණි.
මෙම කටයුතුවලදී මේ පිළිබඳ උනන්දුවක් දක්වන අන් දේශපාලන කණ්ඩායම්වල සහ මහජන නියෝජිතයින්ගේ අදහස්ද සැලකිල්ලට ගැනීමට අනු කමිටුව කටයුතු කරනු ඇතැයි ජනාධිපතිතුමා අපේක්ෂා කරයි.