ශ්‍රී ලංකා ජනමාධ්‍ය අභ්‍යාස ආයතනය මගින් 2015 වසරෙහි මුල් කාර්තුවෙහි නිම කරන ලද පාඨමාලා වෙනුවෙන් සහතික පත් බෙදාදීම සහ ශ්‍රී ලංකා ජනමාධ්‍ය අභ්‍යාස ආයතනයේ නව වෙබ් අඩවිය එළිදැක්වීමේ උත්සවය ගරු පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මැතිතුමා ගේ ප්‍රධානත්වයෙන් සහ අමාත්‍යාංශ ලේකම් වජිර නාරම්පනාව මහතාගේ සහභාගීත්වයෙන් අද දින (20) පෙ.ව 10.00ට ප්රවෘත්ති දෙපාර්තමේන්තු ප්‍රධාන ශ්‍රවනාගාරයේ දී පැවැත්විණ.
මෙම අවස්ථාවට ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් ආචාර්ය දර්ශනී ගුණතිලක, අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (පාලන) එස්.ඩී.එස්.මල්කාන්ති, අතිරේක ලේකම් (සංවර්ධන හා සැලසුම්) බී.කේ.එස්. රවින්ද්‍ර යන මහත්ම මහත්මීන් ඇතුළු අමාත්‍යාංශ නිලධාරීන් රැසක් සහභාගී වූහ.