මුදල් ඇමැති රවී කරුණානායක මහතා විසින් ඊයේ (20) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ  නව රජයේ මංගල අයවැය ලේඛනයේ අත්‍යාවශ්‍ය භාණ්ඩ රැසක මිල අඩු කර ඇත. එම අයවැය ලේඛනයට ඇතුළත් වන යෝජනා කිහිපයක් මෙසේය.
අත්‍යවශ්‍ය පාරිභෝගික ද්‍රව්‍ය 100ක මිල පහළට
* ළදරු කිරිපිටි මිල රු. 100කින් අඩු කැරේ
* හාල් මැස්සන් කිලෝවක් සඳහා රුපියල් 410ක සිල්ලර මිලක්
* පරිප්පු කිලෝවක උපරීම සිල්ලර මිල රු. 169ක් වෙයි
* කට්ටා කරවල කිලෝවක් සඳහා රු. 1100ක උපරිම මිලක්
* ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 150කින් අඩු කැරේ
* භූමිතෙල් ලීටරයක් රුපියල් 10කින් අඩු කැරේ
* කඩල කිලෝවක් රු. 169
* වී වලට සහතික මිලක්
* කීරි සම්බා කිලෝ 1 රු. 50.00 නාඩු - රු. 38.00 සම්බා - රු. 41.00