ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව මගින් 2011 ජුලි මස සිට කොළඔ දිස්ත්‍රික් නාගරික ප්‍රදේශ ආවරණය වන පරිදි 2006/07 පදනම් වර්ෂය ලෙස සලකා කොළඹ පාරිභෝගික මිල දර්ශකය ප්‍රකාශයට පත් කරනු ලබේ. දෙපාර්තමේන්තුව මගින් නිකුත් කල නවතම පාරිභෝගික මිල දර්ශකය ජාතික පාරිභෝගික මිල දර්ශකය වන අතර එය 2015 නොවැම්බර් මස සිට මාසිකව අදාල ලිත් මාසය අවසන් වී දින 21 කට පසු ප්‍රකාශයට පත් කරනු ලැබේ. නව ජාතික පරිභෝගික මිල දර්ශකයේ බර තැබීම 2012/13 වර්ෂයේ පරිභෝගිකයාගේ වියදම් රටාව පිළිබිඹු වන ආකාරයට ජාත්‍යන්තරව පිළිගත් ක්‍රමවේදයන්ට අනුව සකස් කර ඇත.
පාරිභෝගික මිල දර්ශකයක් මගින් ලැබෙන ප්‍රයෝජන රැසකි. පරිභෝජනය කරනු ලබන භාණ්ඩ හා සේවා වල මිල මට්ටම් වල සාමාන්‍ය වෙනස් වීම් මැණීමේ මිනුම් දර්ශකයක් ලෙස හා උද්ධමනය මැණීමේ මුලික මිනුමක් ලෙස මෙය භාවිතා කෙරේ. එලෙසම සමාජ ආර්ථික දත්ත විශ්ලේෂණය සහ රාජ්‍ය ප්‍රතිපත්ති සකස් කිරීමේදීත්, ප්‍රධාන වශයෙන් මුල්‍ය හා ආදායම් ප්‍රතිපත්ති සකස් කිරීමේදීත් පාරිභෝගික මිල දර්ශකය උපයෝගී කර ගනී. වැටුප් හා මුල්‍යමය ආදායම් උපනතීන් විශ්ලේෂණය මගින් වැටුප් ගැලපීම් සඳහා ද මෙම දර්ශකය උපයෝගී කර ගනී. ජාතික ආදායම් ගණනය කිරීමේ දී මිලෙහි සිදු වන වෙනස් වීම් වලට අනුරූපීව පවත්නා අගයන් ගැලපීම සඳහා එක් ප්‍රධාන අවධමනකයක් ලෙස පාරිභෝගික මිල දර්ශකය භාවිතා කරන අතර රටෙහි සමස්ථ උද්ධමනය මැනීමේ දර්ශකයක් ද වේ.
ජාත්‍යන්තර සම්මත ක්‍රමවේදයන්ට අනුව නව පාරිභෝගික මිල දර්ශකය එනම් ජාතික පාරිභෝගික මිල දර්ශකය සකස් කිරීමේදී ශ්‍රී ලංකාවේ පළාත් නවයම ආවරණය වන පරිදි මිල ගණන් රැස් කෙරේ. ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව මහ කොළඹ නාගරික ප්‍රදේශය සඳහා පමණක් සීමා වන මිල දර්ශකයක් 1953 පටන් 2008 අප්‍රේල් මාසය දක්වා ගණනය කර ප්‍රකාශයට පත් කර ඇති අතර කොළඹ දිස්ත්‍රික්කයේ නාගරික ප්‍රදේශ සඳහා පමණක් සීමාවන මිල දර්ශකයක් 2008 මැයි මාසයේ සිට මේ දක්වා ගණනය කර ප්‍රකාශයට පත් කෙරේ. කෙසේ වෙතත් මුඵ රටම ආවරණය වන පරිදි මිල වෙනස්වීම් ගණනය කිරීම සඳහා වන දර්ශකයක අවශ්‍යතාව මේ වන විට මතුව ඇත. ඉහත සඳහන් කල පරිදි මුල්‍ය හා ආර්ථික ප්‍රතිපත්ති සම්පාදනයේදී හා ප්‍රතිපත්තිමය තීරණවල ඵලදායිතාව වැඩි කිරීම සඳහා ජාතික දර්ශකයක් අවශ්‍ය වේ. ජාතික පාරිභෝගික මිල දර්ශකය ගණනය කිරිම තුලින් ශ්‍රි ලංකාවේ සාර්ව ආර්ථික තොරතුරු පුළුල් පරාසයකට වර්ධනය වී ඇත.
නව ජාතික පාරිභෝගික මිල දර්ශකය (පදනම 2013=100) සඳහා වන බර තැබීමේ ව්‍යුහය 2012/13 වර්ෂ වලදී සිදු කරන ලද ගෘහ ඒකක ආදායම් වියදම් සමීක්ෂණයෙන් ලබා ගන්නා ලද දත්ත මත පදනම් වේ. ගෘහ ඒකක ආදායම් වියදම් සමීක්ෂණය (2012/13) සඳහා ගෘහ ඒකකයන් සිදු කරන සියළුම ආකාරයේ වියදම් අන්තර්ගත වන අතර එම තොරතුරු මගින් රටේ සෑම ගෘහ කාණ්ඩයක්ම නියෝජනය වේ. ජාතික පාරිභෝගික මිල දර්ශකයේ පදනම් වර්ෂය ලෙස 2013 වර්ෂය සලකා ඇත.
කොළඹ පාරිභෝගික මිල දර්ශකය ගණනය කිරීම සඳහා කොළඹ නාගරික සීමාව තුල මධ්‍යස්ථාන 14 කින් භාණ්ඩ පැස සඳහා මිල ගණන් රැස් කිරීම සිදු කරනු ලැබේ. ජාතික පාරිභෝගික මිල දර්ශකය සඳහා සෑම දිස්ත්‍රික්කයකම ප්‍රධාන නගරයේ මිල රැස් කරන මධ්‍යස්ථාන 3 කින් භාණ්ඩ පැස සඳහා මිල ගණන් එකතු කරනු ලැබේ.
අන්තර් ජාතික සම්මත වර්ගීකරණයන්ට අනුව භාණ්ඩ පැස ප්‍රධාන කාණ්ඩ 12 කින් සමන්විත වන අතර මත්පැන්, දුම්කොළ සහ මත්ද්‍රව්‍ය කාණ්ඩය හා ආපනශාලා සහ හෝටල් කාණ්ඩය යන කාණ්ඩ 2 ඒ අතර වේ. නමුත් කොළඹ පාරිභෝගික මිල දර්ශකය ගණනය කිරීමේදී මත්පැන්, දුම්කොළ සහ මත්ද්‍රව්‍ය සඳහා වන කාණ්ඩය ඇතුලත් නොවු අතර ආපනශාලා සහ හෝටල් කාණ්ඩය ආහාර කාණ්ඩය යටතට ඇතුලත් කර ප්‍රධාන කාණ්ඩ 10 ක් ලෙස දක්වා ඇත. ජාත්‍යයන්තර වර්ගීකරණයන්ට අනුව ඉහත දැක්වු කාණ්ඩ 2 ද සමග ප්‍රධාන කාණ්ඩ 12 ක් යටතේ ලබා ගන්නා දර්ශකාංක වල භරිත සාමාන්‍ය අගය ජාතික පාරිභෝගික මිල දර්ශකය ලෙස ගණනය කරනු ලැබේ.
ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේනතුව 2015 ඔක්තෝබර් මස ජාතික පාරිභෝගික මිල දර්ශකය 109.2 ලෙස, 2015 නොවැම්බර් මස 23 වන දින ප්‍රකාශයට පත් කර ඇත. 2015 ඔක්තෝබර් මාසයේ දර්ශක අගය සැප්තැම්බර් මාසයේ දර්ශක අගය (108.4) හා සංසන්දනය කල විට 0.8 පමණ දර්ශකාංක වැඩිවීමක් හා ප්‍රතිශතයක් ලෙස 0.74 ක වැඩිවීමක් පෙන්නුම් කරයි. මේ සඳහා ආහාර කාණ්ඩයේ මිල ගණන් වල 0.63 % ක වැඩිවීම සහ ආහාර නොවන කාණ්ඩයේ 0.11 % ක වැඩිවීම පිළිවෙලින් බලපා ඇත.
ජාතික පාරිභෝගික මිල දර්ශකය නිවේදනය කරමින් ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් ආචාර්ය අමර සතරසිංහ මහතා ඔක්තෝබර් මාසය සඳහා වාර්ෂික උද්ධමන අනුපාතය 3.0% ලෙස හා 2015 සැප්තැම්බර් මාසය සදහා වාර්ෂික උද්ධමන අගය 1.9 % ක් ලෙස ඇස්තමේන්තු කර ඇති බව ප්‍රකාශ කර ඇත.සංසන්දනය කිරීම සඳහා ජාතික පාරිභෝගික මිල දර්ශකය 2014 ජනවාරි මස සිට 2015 සැප්තැම්බර් මාසය දක්වා ගණනය කර ප්‍රකාශයට පත් කර ඇත.