ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට (CHOGM) සහභාගී වීම සඳහා අද (26) අළුයම මෝල්ටා රාජ්‍ය බලා පිටත්ව ගියේය.

පෝට් සැන් ඇංගලෝ හිදී පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව හෙට(27) සිට 29 වෙනිදා දක්වා පුරා තෙදිනක් පැවැත්වීමට නියමිතය.

දෙවන එළිසබෙත් මහ රැජිනයේ අනුශාසකත්වයෙන් පැවැත්වෙන මෙවර සමුළුවේදී වත්මන් සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් සමුළුව ඇමතීමට නියමිතය.

දෙවසරකට වරක් පැවැත්වෙන මෙම සමුළුව පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායකයන් සියලු දෙනා හමුවන සුවිශේෂි අවස්ථාවෙක් වෙයි.

වත්මන් සභාපතිවරයා වන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් 2016 වසරට සභා පතිවරයා ලෙස අභිනවයෙන් පත්වන මෝල්ටා රාජ්‍ය ජනාධිපතිවරයා වෙත මුලසුන භාර දීමට නියමිතය.

මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපතිවරයා වීමෙන් අනතුරුව සහභාගී වන ප්‍රථම පොදු රාජ්‍ය මණ්ඩලීය සමුළුව මෙය වෙයි.