ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිය පොදු රාජ්‍ය මණ්ඩලයීය සභාපති ධුර කාලය තුළ පොදු රාජ්‍ය මණ්ඩලයේ පරමාදර්ශයන් ඉහළ නැංවීමට අගනා සේවයක් ඉටු කළ බව පොදු රාජ්‍ය මණ්ඩලයේ මහලේකම් ආචාර්ය කමලේෂ් ෂර්මා ප්‍රකාශ කළේ ය.
මහලේකම්වරයා මේ බව ප්‍රකාශ කළේ පොදු රාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුවේ මාධ්‍ය මධ්‍යස්ථානයේ දී මෝල්ටා අග්‍රාමාත්‍ය ජෝෂප් මස්කට් මහතා සමඟ ඊයේ (26) පවත්වන ලද ඒකාබද්ධ මාධ්‍ය සාකච්ඡාවේ දී ය.