කොළඹ දිස්ත්‍රික්කයේ දෙමළ මාධ්‍ය සිසුන්ගේ ජනමාධ්‍ය හා ජනසන්නිවේදන විෂය සම්බන්ධ දැනුම වැඩි දියුණු කිරීමේ අරමුණින් එක්දින පුහුණු වැඩමුළුවක් අද (02 ) අද ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවැත්විණි.
ජනමාධ්‍ය හා ජනසන්නිවේදන විෂය හඳුනාගැනීම මෙන්ම ඒ හා සම්බන්ධ අනෙකුත් තාක්ෂණික ප්රවණතාවන්ට ප්‍රතිචාර දැක්වීම පිළිබඳව සිසුන් දැනුවත් කිරීම මෙම වැඩමුළුවෙන් සිදු විය.
මෙම අවස්ථාවට රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් ආචාර්ය දර්ශනී ගුණතිලක මහත්මිය, පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම් එච්.ඩී.එස්. මල්කාන්ති මහත්මිය ඇතුළු නිලධාරීන් රැසක්ද එක්ව සිටියහ.