ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය විසින් මෙහෙයවනු ලබන මාධ්‍ය අධ්‍යයනය හා පුවත්පත් කලාව පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාවේ සමාරම්භක උත්සවය පාර්ලිමේන්තු කටයුතු හා ජනමාධ්‍ය අමාත්‍යාංශ ලේකම් වජිර නාරම්පනාව මහතාගේ ප්‍රධානත්වයෙන් සහ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල් දර්ශනී ගුණතිලක මහත්මියගේ සහභාගිත්වයෙන් අද (02) දින පෙව 10.30 අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවැත්වීණි. මේ සදහා පුවත්පත් මණ්ඩලයේ සභාපති ඇතුළු රැසක් සහභාගී වුහ.