විසර්ජන පනත් කෙටුම්පත - 2016 දෙවැනි වර කියවීම වැඩි ඡන්දයෙන් සම්මත වෙයි. විසර්ජනපනත් කෙටුම්පත කියවීමේ ඡන්ද විමසීම ඊයේ (02) ප.ව. 5.30ට ආරම්භ විය.නාමිකව ඡන්දය විමසන ලදී. දෙවැනිවර කියවීමට පක්ෂව ඡන්ද 159 ක් ද විපක්ෂව ඡන්ද 52ක් ද ලැබිණි. නොපැමිණි මන්ත්‍රී සංඛ්‍යාව 13කි. ඒ අනුව දෙවැනි වර කියවීම වැඩි ඡන්දයෙන් සම්මත විය.
දෙමළ ජාතික සන්ධානය පක්ෂව ඡන්දය භාවිත කළ අතර ජනතා විමුක්ති පෙරමුණ විරුද්ධව ඡන්දය භාවිත කළේ ය. දෙවැනිවර කියවීමේ විවාදය පසුගිය 21 දින ආරම්භ විය. දෙවැනිවර කියවීමේ විවාදයට වෙන්කළ දින ගණන 9කි. 2016 අයවැය සඳහා අවසාන ඡන්ද විමසීම එළඹෙන දෙසැම්බර් 19 වනදා පැවැත්වේ.