රජයේ නිල තොරතුරු ලබා ගැනීමට පුරවැසියන්ට ඇති අයිතිය තහවුරු කරමින් තොරතුරු දැනගැනීමේ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් ගරු අමාත්‍ය ගයන්ත කරුණාතිලක මැතිතුමා ඉදිරිපත් කළ කැබිනට් යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී තිබේ.
19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මඟින් සංශෝධිත ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14 (අ ) ව්‍යවස්ථාව මඟින් තොරතුරුවලට ප්‍රවේශ වීම මූලික අයිතිවාසිකමක් ලෙස පිළිගෙන තිබේ. එම අයිතිය තහවුරු කරමින් ප්රජාතන්ත්රවාදය අගයන යහපත් සහ වගකීම් සහිත රාජ්‍ය සේවාවක් ස්ථාපිත කිරීමට තොරතුරු දැනගැනීමේ පනත සම්මත කිරීමෙන් අවස්ථාව සැලසේ.