ගරු පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතා එම අමාත්‍යංශයේදී අද (04) සිය ධුරයේ වැඩ භාර ගනු ලැබීය. අද දහවල් යෙදුනු සුබ නැකතින් ඔහු සිය රාජකාරී ලිපියේ අත්සන් තැබීමෙන් අනතුරුව ආගමික වතාවත්වල නිරත විය. ප්‍රවීණ මාධ්‍යවේදියෙකු වන ඒ මහතා රාජ්‍ය ආයතන රැසක ජේෂ්ඨ නිලධාරියෙක් වශයෙන් ද කටයුතු කර තිබේ. ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් ධුරයද හෙබ වූ පරණවිතාන මහතා කලක් කැනඩාවේ ශ්‍රී ලංකා කොන්සල් ජනරාල්වරයා ලෙස අභියෝගාත්මක කාර්යභාරයක් ඉටු කල කාර්යක්ෂම රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියෙක් වශයෙන් පැසසුමට ලක්විය.
මෙම අවස්ථාවට අමාත්‍යාංශ ලේකම් වජිර නාරම්පනාව මහතා ඇතුළු අමාත්‍යාංශ නිළධාරීන්, මෙන්ම අමාත්‍යාංශ අනුබද්ධ ආයතනවල කාර්ය මණ්ඩල නිළධාරීන්, සුභපතන්නන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.