ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ පර්යේෂණ සහකාර නිලධාරීන්ට 75 දෙනෙකු සඳහා එක් දින පුහුණු වැඩසටහන 2015.12.10 වන දින උදෑසන 8.30 සිට සවස5.00 දක්වා සෙත්සිරිපාය දෙවන අදියර නව ගොඩනැඟිල්ලේ ශ්‍රවනාගාරයේදී ගරු පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විය.
මෙම වැඩසටහන USAID ආධාර යටතේ ක්‍රියාත්මක වන අතර පුහුණු වැඩමුළුව පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අංශය විසින් සංවිධානය කෙරේ. පුහුණු වැඩසටහනේ අරමුණ වන්නේ මන්ත්‍රිවරුන්ගේ කාර්යභාරය වඩාත් පහසුකිරීම සඳහා පර්යේෂණ සහකාර විසින්, ඉටු කළ යුතු සම්බන්ධීකරණ කටයුතු කාර්යක්ෂමව හා ඵලදායීව සැපයීම සඳහා අවශ්‍ය වන්නා වූ පුහුණුව ලබා දීමය.
ප්‍රදේශයේ සංවර්ධනය සඳහා විමධ්‍යගත අයවැයෙන් වෙන් කරනු ලබන අරමුදල් ඵලදායී ලෙස යොදා ගැනීමට අවශ්‍ය ව්‍යාපෘති යෝජනා සැකසීම, තොරතුරු ඒකරාශී කිරීම සහ ඒ සඳහා අවශ්‍ය පර්යේෂණ ක්‍රමවේදය පිළිබඳව පර්යේෂණ සහකාරවරුන් දැනුවත් කිරීම මෙම වැඩසටහනෙන් සිදු වේ. එසේම මන්තී්රවරුයාගේ කාර්යභාරය, පර්යේෂණ සහකාරවරයාගේ කාර්යභාරය පිළිබඳව මෙන්ම යහපත් හා මිත්‍රශීලී මහජන සම්බන්ධතාවයක් ගොඩනඟා ගැනීම පිලිබඳව අවශ්‍ය න්‍යායාත්මක හා ප්‍රායෝගික පුහුණුව ලබා දීමටද මෙම වැඩසටහනෙන් අපේක්ෂා කෙරේ. මේ සඳහා ප්‍රවීණ මෙන්ම අත්දැකීම් සපිරි ජ්‍යෙෂ්ඨ දේශකයින්ගේ සම්පත්දායකත්වය හිමිව තිබේ.
පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වජිර නාරම්පනාව මහතා, පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අංශයේ අතිරේක ලේකම් චන්ද්‍රා මියනවල මහත්මිය
මෙන්ම අමාත්‍යාංශ නිළධාරීන් සහ USAID නියෝජිතයින් රැසක් මෙම අවස්ථාවට සහභාගී වුහ..