ශ්‍රි ලංකාවේ සංචාරයක යෙදීසිටින ස්වීඩන රජයේ දූත මණ්ඩල නියෝජ්‍ය ප්‍රධානි දන්ලාල් වොල්වෙන් සහ මාර්කස් හෝල්ක්නෙට් යන මහත්වරු ඊයේ (14) පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය ඇමති ගයන්ත කරුණාතිලක මහතා හමුවිය. පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක කාර්යාලයේ පැවති මෙම හමුවීමට පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතාද එක් විය. ශ්‍රිලංකාවේ වත්මන් දේශපාලන වටපිටාව මෙන්ම රජයේ ඉදිරි සංවර්ධන දැක්මත් එහි ක්‍රියාකාරීත්වයත් පිළිබදව දෙපාර්ශවය අතර ඉතා සුහදව අදහස් හුවමාරුවිම මෙම හමුවීමේදී සිදුවිය .