එළඹෙන නත්තල් උත්සවය වෙනුවෙන් පාර්ලිමේන්තු ප‍්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ සුභ සාධක සංගමය මගින් සංවිධානය කරනු ලබන ”උඳුවප් මිහිර” නත්තල් උත්සවය 2015 දෙසැම්බර් මස 17 වන දින සවස 2.00 සිට අමාත්‍යාංශ පරිශ‍්‍රයේදී පැවැත්වේ. පාර්ලිමේන්තු ප‍්‍රතිසංස්කරණ හා  ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතාගේ ප‍්‍රධානත්වයෙන් සහ අමාත්‍යාංශ ලේකම් වජිර නාරම්පනාව මහතාගේ සහභාගීත්වයෙන්  මෙම උත්සවය පැවැත්වීමට නියමිතය.