පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ නව වසර සඳහා රාජකාරි ආරම්භ කිරීමේ නිල උත්සවය සර්ව ආගමිකවතාවත් ඉටු කරමින් අද (01) උදෑසන අමාත්‍යාංශ පරිශ්‍රයේදී පැවැත්විණ. මෙම අවස්ථාවේදී පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ගරු කරුණාරත්න පරණවිතාන මැතිතුමා සහ අමාත්‍යංශ ලේකම් වජිර නාරම්පනාව මැතිතුමා විසින් මේ දිනවල නිල චාරිකාවක් සඳහා විදෙස් ගතව සිටින පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගරු ගයන්ත කරුණාතිලක මැතිතුමාට සහ අමාත්‍යංශය හා ඒ අනුබද්ධ සියලුම ආයතනයන්හි නිලධාරින්ට සුභ නව වසරක් ප්‍රර්ථනා කරනු ලැබීය.
මෙම වසරේදී අමාත්‍යංශයෙන් ඉටුවිය යුතු ප්රමුඛ කාර්යයක් වන තොරතුරු දැනගැනීමේ පනත නීතිගත කරන බවත් ඒ සමඟ අමාත්‍යංශයේ කාර්ය භාරය දෙගුණ තෙගුණ වන බැවින් ඒ වෙනුවෙන් අමාත්‍යංශ නිලධාරීන් කැපවිය යුතු බව පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ නියෝජ්‍ය අමාත්‍ය ගරු කරුණාරත්න පරණවිතාන මැතිතුමා පැවසීය. අමාත්‍යංශ ලේකම් වජිර නාරම්පනාව මහතා ඇතුළු අමාත්‍යංශ අනුබද්ධ ආයතනයන්හි ප්‍රධානීන් සහ සෙසු නිලධාරීන් රැසක් එක්ව සිටියහ.