ප‍්‍රජාතන්ත‍්‍රවාදී රාජ්‍ය පාලනයකට වසරක් සපිරීම සමරනු වස් ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් ”එකම දැයක් – මහ බලයක්” නමින් කොළඹ නිදහස් චතුරශ්‍ර පරිශ‍්‍රයේ සංවිධානය කර තිබූ සංස්කෘතික ප‍්‍රසංගයට ජනාධිපති ගරු මෛත‍්‍රීපාල සිරිසේන මහතා සෙනසුරාදා (09) රාත‍්‍රියේ සහභාගී විය.

සමස්ත ශ‍්‍රී ලංකාවම නියෝජනය වන පරිදි විවිධ ප‍්‍රදේශවලින් පැමිණි නර්තන කණ්ඩායම් විසින් විචිත‍්‍රවත් නර්තනාංග ඉදිරිපත් කළ අතර ඒ සියලු නර්තන කණ්ඩායම් සාමාජිකයින් සමග ගරු ජනාධිපතිතුමා සමූහ ඡයාරූපයකට ද පෙනී සිටියේය.

මෙම අවස්ථාවට අමාත්‍යවරුන් වන ගයන්ත කරුණාතිලක , රාජිත සේනාරත්න, නිමල් සිරිපාල ද සිල්වා, මහින්ද සමරසිංහ, ඩබ්ලිවි.ඞී.ජේ. සෙනවිරත්න, රිෂාඩ් බදුයුදීන් නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන යන මහත්වරුන් ඇතුඑ මැති ඇමතිවරුන් ද විදෙස් රටවල් නියෝජනය කරමින් තානාපතිවරුන් රැසක් සහ විශාල ජනකායක් එක්ව සිටියහ.