පණ්ඩිත් අමරදේවයන්ගේ නමින් ඉදිකිරීමට යෝජිත අමරදේව සංගීත අසපුව ඉදිකිරීම සදහා පාදුක්ක, බණ්ඩාරගම, හොරණ යන ප්‍රදේශ වලින් හදුනාගත් ඉඩම් නිරීක්ෂණය කිරීමේ කටයුතු පාර්ලිමේන්තු ප‍්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය ඇමති ගරු ගයන්ත කරුණාතිලක මැතිතුමාගේ සහ නියෝජ්‍ය අමාත්‍ය ගරු කරුණාරත්න පරණවිතාන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (19) සිදුවිය.

මෙහිදී කලා අංශයට වැඩි නැඹුරුවක් ඇති හොරණ ප්‍රද්ශයෙන් නිරීක්ෂණය කළ ඉඩමක් සදහා අමාත්‍යවරුන් දෙපළ මෙන්ම අමරදේව මහත්මිය වන විමලා අමරදේව සහ එම පුතනුවන් වූ රංජන අමරදේව විසින් කැමැත්ත පළකරනු ලැබීය. එම ඉඩම හොරණ ඇල්ලකන්ද වත්ත අක්කර 08ක ඉඩම් කොටසක් වන අතර එය ඉදිකිරීමට යෝජිත අමරදේව සංගීත අසපුව නිර්මාණය කිරීමේ කාර්යයයට සුදුසු පාරිසරික සුන්දරත්වයකින් හා පහසුකමින් යුක්තය.
ඉඩම පරීක්ෂාකිරීමෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ ජනමාධ්‍ය ඇමති ගයන්ත කරුණාතිලක මහතා කියා සිටියේ මෙම සත් කාර්යය පිළිබදව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ පූර්ණ කැමැත්ත හා මගපෙන්වීම ලැබී තිබීමත් ඒ ආශිර්වාදයෙන් මෙම ඉදිකිරීමට යෝජිත අමරදේව සංගීත අසපුව ඉදිකිරීමේ කටයුතු ඉතා කඩිනමින් සිදුකරන බවත්ය.
අමරදේවයන්ගේ නමින් ඉදි කෙරෙන සංගීත අසපුව කලාකරුවෙකු බිහිකරන තෝතැන්නක් කිරීම හා කලා නිකේතනයක් ලෙස සියලු අංගවලින් සමන්විත ඉන්දියාවේ ශාන්ති නිකේතනය වැනි පූර්ණ සෞන්දර්ය විශ්ව විද්‍යාලයක් ලෙසින් ඉදි කිරීමට යෝජිතය. මෙහි ගෘහනිර්මාණ කටයුත්ත කිසිදු මුදලක් අයකිරීමකින් තොරව සිදුකිරදීමට ප්‍රවීන ගෘහනිර්මාණ ශිල්පීයකු වන මාධව මහතා කැමැත්ත පළකර තිබේ.
මෙහි ඉදිරි කාර්යයන් පිළිබඳව පණ්ඩිත් අමරදේවයන්ගේ අදහස්ද ලබාගැනීම හා අමරදේවයන්ගේ සිහිනයට අනුව එය ඉදිවිය යුතු ආකාරය පිළිබදව තොරතුරු ලබාගැනීම සදහා විශේෂ සාකච්ඡාවක් 20 දා ප.ව 03.30ට බත්තරමුල්ල -අපේගම- පර්ශ්‍රෙය්දී පණ්ඩිත් අමරදේවයන්ගේ සහභාගීත්වයෙන් සිදුවීමට නියමිතය.
මෙම නිරීක්ෂණ චාරිකාව සඳහා ජනමාධ්‍ය අමාත්‍යංශ ලේකම් වජිර නාරම්පනාව, අතිරේක ලේකම් බී. කේ. එස්. රවීන්ද්‍ර, රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ සභාපති, ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සභාපති, ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ සභාපති, ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ අධක්ෂ ජනරාල් ,ඉඩම් ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නිළධාරී ඇතුලු නිළධාරීන් පිරිසක් එක්ව සිටියහ.