පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් රාජ්‍ය හා රාජ්‍ය සේවා ක්ෂේත්‍රයේ ක්‍රීඩා හා ශරීර සුවතා ප්‍රවර්ධන දිනය ක්‍රියාවට නංවමින් සංවිධානය කරනු ලැබූ පා ගමන අද 25 දින පෙ.ව 7.30 ට පමණ නිදහස් චතුරස්‍රයෙන් ආරම්භ විය.
පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතාගේ සහ නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතාගේ ප්‍රධානත්වයෙන් ඇරඹි පා ගමන සඳහා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වජිර නාරම්පනාව මහතා මෙන්ම අමාත්‍යාංශය අනුබද්ධිත ආයතනයන්හි ප්‍රධානීන්, කාර්ය මණ්ඩලය ඇතුළු විශාල පිරිසක් සහභාගී විය.