මහා ව්‍යාපෘති 160කින් යුත් බස්නාහිර පළාත මහානගර යායක් බවට පරිවර්ථනය කිරීමේ ව්‍යුහාත්මක සැලැස්ම අද:29 - දින පෙ.ව.10.30ට අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් නිදහස් චතුරස්‍රයේ දී එළිදැක්වේ.

අදියර 03ක් යටතේ සිදු කෙරෙන මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වේ. එහි පළමු අදියර වශයෙන් විද්වතුන්ගෙන්, මහා ජනතාවගෙන්, මෙන්ම වෘත්තීයවේදීන්ගෙන් සහ ආගමික නයකයින්ගෙන්ද අදහස් විමසා ව්‍යුහාත්මක සැලැස්මක් සකසා ගැනීම සිදුවිය. දෙවන අදියර ලෙස බස්නාහිර මහා නගර අධිකාරියක් පිහිටුවීමත් එයට පාර්ලිමේන්තු අනුමැතිය ලබාගනිමින් සකස් කල ව්‍යුහාත්මක සැලැස්මට නිත්‍යානුකූල බවක් ලබාදීමත් සිදු වේ. තෙවනුව මෙම ව්‍යාපෘති එකිනෙක විධිමත්ව ක්‍රියාවට නැගීමට අපේක්ෂිතය. මහා පරිමාණ තේමා 10ක් ඔස්සේ ව්‍යාපෘති 160ක් මේ යටතේ ක්‍රියාවට නැංවේ. මේ වනවිට මෙහි පළමු අදියරේ වැඩකටයුතු සිදුවෙමින් පවතී.

මහවැලි සංවර්ධන ව්‍යාපෘතියට පසුව මෙරට ක්‍රියාත්මක දැවැන්ත සංවර්ධන ව්‍යාපෘතියක් ලෙස බස්නාහිර නගරයාය ව්‍යාපෘතිය ඉතිහාසගත වෙනු ඇත.