ලෝකයේ ප්‍රමුඛතම ආර්ථික සමුළුව සේ සැලකෙන ස්ව්ට්සර්ලන්තයේ මුළු දුන් 46 වැනි ලෝක ආරථික සමුළුවට ඉතිහාසයේ ප්‍රථම වතාවට ශ්‍රි ලංකාවේ රජ්‍ය නායකයෙකු සහභාගි වු අවස්තාව සනිටුහන් කරමින් එක් වු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එහිදි දිදුලන ආර්ථිකයකින් සපිරි සමෘද්ධිමත් රටක් බිහි කිරීමේ ජනපති - අගමැති සිහිනය සැබෑ කිරීමට ශක්තිමත් අඩි තාලමක් දමා ගැනිමට සමත් විය.
පසුගිය මස 20 සිට 23 දිනවල ස්විට්සර්ලන්තයේ ඩවෝස් නුවර ඇල්ප්ස් කඳු පෙළ ආශ්‍රිතව පැවැත්වු සමුළුවට ලොව දියුණු රටවල රාජ්‍ය නායකයන් 40 දෙනෙක් සමඟ ආර්ථික විශේෂඥයන් 2500කට ආසන්න පිරිසක් එක් වූ අතර සමාගම් 1000ක පුධානිහු එක්ව සිටියහ.
2016 ලෝක ආර්ථික සමුළුව 23 දා අවසන් වුයේ ශ්‍රි ලංකාවේ ආර්ථික සංවර්ධනය කෙරෙහි ඉතාමත් වැදගත් ප්‍රතිඵල ළඟා කර ගැනීමට මග පාදමිනි. මේ සමුළුවට සහභාගි වෙන ලෙස ශ්‍රි ලංකාවට ආරාධනා ලැබුණේ ප්‍රථම වතාවටය. එම ආරාධනාව අනුව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එයට සහභාගි වුයේ වර්තමාන ශ්‍රි ලංකා රජය කෙරෙහි ජාත්‍යන්තරයේ සහයෝගිතා දෑත දිගු වෙමින් පවතින අවස්ථාවේදිය. ඒ දෑත දිගු වුයේ වර්තමානයේ රට තුළ ප්රජාතන්ත්රවාදය, මානව හිමිකම් සහ පුද්ගල නිදහස ආදී ක්ෂෙත්රයන්හි ලබා ඇති ප්‍රගතිය සැලකිල්ලට ගනිමිනි. ලෝක ආර්ථික සමුළුවට ප්‍රථම වතාවට මෙරටට ආරාධනා ලැබුණේ ද එම ප්රගතියේ ප්‍රතිඵලයක් වශයෙනි.
ශ්‍රී ලංකා අගමැතිවරයා මේ සමුළුවට ආරාධනා ලැබීමට පෙර ශ්‍රී ලංකාවේ ආර්ථිකය පුනර්ජීවය කරනුයේ කෙසේ දැයි ගවේෂණාත්මක අධ්‍යයනයක් සිදු කිරීමට පියවර ගත්තේය. ඒ අනුව අමෙරිකාවේ හාවර්ඩ් විශ්වවිද්‍යාලයේ ජාත්‍යන්තර සංවර්ධන මධ්‍යස්ථානයේ අංශාධිපති ආචාර්ය රිකාඩෝ හවුස්මාන් මහතා ප්රමුඛ ආචාර්ය මහාචාර්යවරු 12 දෙනෙකුගෙන් යුතු විද්වත් මඬුල්ලක් එය සකස් කරනු ලැබීය.
එම අධ්‍යයන වාර්තාව වාර්තාවකට සීමා නොකොට කොළඹදී දෙස් විදෙස් උගතුන්ගේ බුද්ධිමතුන්ගේ හා මෙරටේ ප්රමුඛ පෙළේ ව්‍යාපාරිකයින්ගේ තරුණ ප්‍රජාවගේ කථාබහට ලක් කළහ.
ඒ සඳහා එක් වූ ලොව දැනට ජීවත්වන විශිෂ්ටතම ආර්ථික විශේෂඥයා වන මහාචාර්ය ජෝසප් ස්ටින්ලිට්ස්, ලෝප්‍රකට ආයෝජක ජෝර්ජ් සොරොස් වැන්නෝද එක් කර ගත්හ.
මේ ලෝක ආර්ථික ප්රවීණයන්ගේ අදහස්, මතවාද හා නිර්දේශ ක්‍රියාත්මක කිරීමට අගමැතිවරයා ක්‍රියා කෙළේය. ඒ අනුව වසර 2015 නොවැම්බර් 05 සිය ආර්ථික ප්‍රතිපත්තිය රටට හෙළි කෙළේය. 2015 වසරේ නොවැම්බර් 20 වැනිදා සිය රජයේ මංගල අය වැය ඉදිරිපත් කිරීමට නායකත්වය ලබා දුන්නේය.
ඒ අනුව සමාජ ආර්ථික නවෝත්පාදන වෙළෙඳ පොළ ක්‍රමයක් වෙත රට පරිවර්තනය කිරීමේ යෝජනා 418කට අධික ප්‍රමාණයක් අය වැයෙන් ඉදිරිපත් කළේය. ලෝකයේ විශාල වෙළෙඳ පොළ කරා යෑමට නම් අප රට විවිධ රටවල් සමඟ ද්විපාර්ශ්වික තීරු බදු රහිත වෙළෙඳ ගිවිසුම්වලට එළැඹිය යුතුය යන යෝජනාව ගෙන ආවේය. අමෙරිකාව, චීනය, ජපානය, ඔස්ට්‍රේලියාව, දකුණු අප්‍රිකාව හා තවත් රටවල් හතක් සමඟ වෙළෙඳ ගිවිසුම් අස්සන් තැබීමට ඇති හැකියාවන් සොයා බැලීමට රජය සූදානම්ය.
මීට අමතරව ජාත්‍යන්තර මූල්‍ය මධ්‍යස්ථානයක් පිහිටුවීම, රජයේ ව්‍යාපාරවලට කොළඹ කොටස් වෙළෙඳ පොළින් අරමුදල් ලබාගැනීමට උනන්දු කිරීම, වටිනාකම් එක් කළ නිෂ්පාදන වැඩි වශයෙන් වෙළෙඳ පොළට එක් කිරීම යනාදී යෝජනා කෙළේය. මේ යෝජනා හා බැඳුණු ආර්ථික සෞභාග්‍ය ළඟා කර ගන්නා අගනා යෝජනා මාලාවක් සමඟ ලෝක ආර්ථික දේශපාලන හා ආයෝජන ව්‍යාපාරික අංශ ප්‍රධානීන් හමුවට ගොස් මෙරටේ ඇති නව අවස්ථා පැහැදිලි කිරීමට අගමැතිවරයා ක්‍රියා කළේය.
මේ සමුළුවට ලෝක නායකයන් ඇතුළු ආර්ථික විශේෂඥයන් දෙදහසකට ආසන්න පිරිසක් සහභාගි වුහ. සමුළුවට සහභාගි වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අප රටට වාසි රැසක් අත් පත් කර ගැනීමට සමත් විය. ආර්ථික සමුළුව අතර වාරයේදී අගමැති වික්‍රමසිංහ මහතා හමුවූ ලෝකයේ ප්රබලතම වෙළඳ සමාගම් ප්‍රධානීන් අතර නෙදර්ලන්තයේ පිලිප් ලයිටිනින් සොලුෂන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි එරික් රොන්ඩෝලට්, ටාටා සමාගෙම් ප්‍රධානි සයිරස් මිස්ට්‍රි, මැක්කින්සි සහ සමාගමේ ආසියානු කලාපයේ සභාපති කෙවින් ස්නිඩර්, බහරේන් පෙට්‍රෝලියම් සමාගමේ සභාපති හා එරට අගමැති උපදේශක ෂෙයික් සල්මාන් බින් කලිෆා අල් කලීෆා, වර්ජිනියා ව්‍යාපාර සමුහයේ ප්‍රධාන විධායක නිලධාරී මහත්වරු වේ.
රටේ ස්ථාපිත වෙමින් පවතින ප්රජාතන්ත්රවාදය ආයෝජකයන්ට පැහැදිලි කර දුන් අගමැති වික්‍රමසිංහ මහතා ශ්‍රි ලංකාවේ ආයෝජන සිදු කරන ලෙස එම සමුළුවට සහභාගි වී සිටි ලෝකයේ ව්‍යාපාරික ක්ෂෙත්රයේ මහා පරිමාන ප්‍රබල සමාගම්වලට ආරාධනා කළේය. අප රට වසර ගණනාවක් තිස්සේ ආසියාවේ වෙළෙඳ හා ආර්ථික කේන්ද්‍රය ලෙස දිනා ගෙන සිටි කීර්තිය සහ එම අතීත ශ්‍රී විභූතිය ළඟා කර ගැනිමට රජය විධිමත් සහ ක්‍රමවත් ආර්ථික සැලැස්මක් ආරම්භ කිරීමට සියලු සැලසුම් සකස් කර ඇති බව වික්‍රමසිංහ මහතා ඔවුනට පහදා දුන්නේය.
වසර 2500කට වඩා වැඩි සංස්කෘතික හා ජාතික උරුමයක් සහිත ශ්‍රි ලාංකික ජනතාවගේ හැරවුම් ලක්ෂ්‍යයක් ලෙස 2015 ජනවාරි 08 පැවති ජනාධිපතිවණයත් 2015 අගෝස්තු 17 පැවැති මහ මැතිවරණයත් සඳහන් කළ අගමැතිවරයා ඉන් ජයගත් වත්මන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ නායකත්වයෙන් මානව හිමිකම් සුරකින ප්රජාතන්ත්රවාදය අරක්ෂා කරන ජාතින් අතර සමගිය, සිංහිඳියාව රජයන නිතියේ ආධිපත්‍ය ගරු කරන සමාජයක්, රටක් බිහි වී ඇතැයිද අගමැති වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේය. අප රටේ නව ආයෝජන අවස්ථා පිළිබඳ කළ පැහැදිලි කිරීමට ඔවුන්ගෙන් ඉතා සුභවාදි හා ඉහළ ප්‍රතිචාර ලැබිණි.
එන්.ඩී.ටී.වී. රූපවාහිනිය සමග ස්විට්සර්ලන්තයේදි සම්මුඛ සාකච්ජාවකට එක් වු අගමැතිවරයා වත්මන් රජය අතීතය අවුස්සමින් නොසිට වත්මන් යථාර්ථය අවබෝධ කර ගනිමින් අනාගත සැලසුම් සකස් කරන බව පැවසීය.
ශ්‍රි ලංකාව අවතීර්ණ වී ඇති නව මාර්ගය කෙරෙහි ස්විට්සර්ලන්තයේ ඩවොස් නුවරට එක් වි සිටි දෙස් විදෙස් ජනමාධ්‍යවේදින් දැක්වුයේ ඉමහත් උනන්දුවකි. යහපාලනය තුළින් ශ්‍රි ලංකාව තුළ සිදු වී ඇති යහපත් වෙනස්කම් පිළිබඳ අගමැති වික්‍රමසිංහ මහතාගෙන් කෙලින්ම විමසීමේ අවස්ථාව ඔවුන් ලද අතර යුද්ධයෙන් අවතැන් වූ උතුරු නැඟෙනහිර ජනතාව නැවත පදිංචි කිරීමත් සමඟම සංහිඳියාව ඇති කිරීමට රජය පූර්ණ වශයෙන් කැප වි සිටින බව අගමැතිවරයා පෙන්වා දුන්නේ ශ්‍රි ලංකාවේ සිංහල හෝ දෙමළ දේශපාලන සිරකරුවන් නොමැති බව පවසමිනි.
ලෝක ආර්ථික සමුළුවට සමගාමිව පැවැති ශ්‍රි ලංකා ආයෝජන සමුළුවට සහභාගි වු ආයෝජකයන් අමතමින් වික්‍රමසිංහ මහතා කියා සිටියේ ලිහිල් රෙගුලාසිවලින් යුතු මිත්‍රශිලි ආයෝජන පරිසරයක් සැකසීමට රජය සුදානම් බවයි. ආයෝජකයන්ට අවශ්‍ය සියලු පහසුකම් ලබා දෙන බවද අගමැතිවරයා අවධාරණය කළේය.
කොළඹ වරාය නගරය විශේෂ ආර්ථික හා මූල්‍ය කලාපයක් බවට පත් කරන බව අගමැතිවරයා පෙන්වා දුන්නේ ආයෝජකයන්ගේ ආකර්ශනය තවත් අප රටට ලබා ගනිමිනි.
ප්රජාන්ත්රවාදය සුරක්ෂිත කිරීම හා ඒ බව ජාත්‍යන්තරයට සහතික කර පෙන්වා දීම තුළින් අප රටට තවත් වාසියක් ළඟා කර ගැනිමටද මේ සමුළුව අතර වාරයේදි හැකියාව ලැබිණි. ඒ ආසියානු සංවර්ධන බැංකුවේ සභාපතිවරයා සමඟ රනිල් වික්‍රමසිංහ මහතා පැවැත්වු ද්විපාර්ශ්වික සාකච්ජාවලින් පසුවය. ශ්‍රි ලංකාවට වැඩි වැඩියෙන් ආධාර, ණය සහ විශේෂඥ සහාය ලබා දීමට එකඟත්වය පළ කළ සභාපති තකෙහිකො නකඔ මහතා ඒ සම්බන්ධයෙන් සාකච්ජා කිරීමට මේ මාසයේදී මෙරටට පැමිණීමටද නියම කර ගැනිණි.
ශ්‍රි ලංකාව ආසියාවේ ආර්ථික කේන්ද්‍රස්ථානයක් බවට වර්ධනය කිරීමට රජයේ අරමුණ බවත් ඒ සඳහා පදනම සකස් කරමින් සිටින බවත් අගමැතිවරයා ඔවුන්ට පැහැදිලි කළේය. ශ්‍රි ලංකා කෙරෙහි විශ්වාසය තැබූ ඔවුහු මේ වසර තුළ මෙරට මහා පරිමාණ ආයෝජනය කිරීමට එකඟත්වය පළ කළහ.
ශ්‍රි ලංකාව ගෝලීය ඇගයුම් ජාලයේ කේන්ද්‍රස්ථානයක් බවට පත් කිරීමට සැලසුම් සකස් කෙරමින් පවතින බැවින් ඒ අවස්ථාවෙන් ඉන්දීය ආයෝජකයන්ට විශේස වාසි ලබා ගැනිමේ හැකියාව ඇති බවද පෙන්වා දුන් අගමැති වික්‍රමසිංහ මහතා ඉන්දීය ආයෝජකයන්ට සහ කර්මාන්තකරුවන්ට ශ්‍රි ලංකාව සමග එක්වීමෙන් ප්‍රධාන ක්ෂෙත්ර 4 ක් දැනටමත් හඳුනාගෙන ඇති බවත් පෙන්වා දුන්නේය. වරාය නගර ව්‍යපෘතිය, කොළඹ වරාය සංවර්ධනය, ත්‍රිකුණාමලය වරාය සංවර්ධනය සහ ඉන්දියාවේ ආන්ද්‍ර ප්‍රදේශය හා අප රට අතර ඇති කිරීමට යෝජිත ආර්ථික කොරිඩෝරය මේ ව්‍යාපෘති හතර වේ.
යහපාලන ප්‍රතිපත්තිය යටතේ සම්මුතිවාදී ආණ්ඩුව පිහිටුවීමෙන් පසු ශ්‍රි ලංකාවේ ප්රජාතන්ත්රවාදය සහ මානව නිදහස යළිත් ශක්තිමත් වීම පිළිබඳ ස්විට්සර්ලන්ත ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ද නෙදර්ලන්ත, ස්වීඩන්, තුර්කිය රටවල අගමැතිවරුන්ද සිය ප්‍රසාදය පළ කළේය.
ලෝක සමුළුව අතරතුරදි අගමැති වික්‍රමසිංහ මහතා ලෝක ප්‍රකට මයික්‍රොසොෆ්ට් සමාගමේ සභාපති ජෝන් ෆිලිප් කෝට්ෂ් මහතා සමඟ කෙරුණු සාකච්ජාවක ප්‍රතිඵලයක් වශයෙන් ශ්‍රි ලංකාවේ ප්රගමනය පිණිස නව තාක්ෂණය හඳුන්වා දීමටත් තොරතුරු තාක්ෂණය, අධ්‍යාපනය හා සමාජ ආරක්ෂණ ක්ෂෙත්රයන් ඩිජිටල්කරණය කිරීමට පූර්ණ සහයෝගය ලබා දෙන බවටත් සපථ විය. මේ පිළිබඳ කරුණු අධීක්ෂණය කිරීමට විශේෂඥ කණ්ඩායමක් ඉතා ඉක්මනින් මෙරටට පැමිණෙනු ඇත. එම සමාගමේ නව තාක්ෂණ සොයා ගැනීම් නොමිලයේ අප රටට ලබා දීමේ අවකාශය ගැන වැඩිදුර කරුණු සොයා බැලීමටද මෙහිදි එකඟතාවට පැමිණියේය.
වර්ජිනියා ව්‍යාපාර සමුහය ද මෙරට ආයෝජනය කිරීමට කැමැත්ත පළ කළේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ මෙහෙයවීම යටතේ අප රට අවතීර්ණය වී ඇති නව ගමන් මාර්ගය සහ ක්‍රමවත් දූරදර්ශි ආර්ථික පිළිවෙත ගැන ප්‍රසාදය පළ කරමිනි.
මෙහිදි වික්‍රමසිංහ මහතා හමු වු ස්වීඩන් අගමැති ස්ටෙෆන් ලෝෆ්වන් මහතා යුරෝපා සංගමය අප රටට පනවා ඇති මත්ස්‍ය තහනම ඉවත් කිරිමට සහ ජී.එස්.පී.ප්ලස් සහනය නැවත ලබා දීමට පූර්ණ සහයෝගය ලබා දීමට එකඟතාව පළ කළේය. ජී.එස්.පී. ප්ලස් සහනය ලබා ගැනීම සහ මත්ස්‍ය තහනම ඉවත් කිරීම තුළින් අප රටට ලැබෙනුයේ ඉමහත් වූ ආර්ථික ලාභයකි.
අප රටේ දැනට මුහුණ පා සිටින ප්‍රධාම ගැටලුවක් වන වකුගඩු රෝග නිවාරණය සහ ජල කළමනාකරණ සඳහා සහාය වීමට නෙදර්ලන්තය අගමැති වික්‍රමසිංහ මහතාට පොරොන්දු විය. ස්විට්සර්ලන්තයේ දී වික්‍රමසිංහ මහතා හමු වු නෙදර්ලන්ත අගමැති මාර්ක් රූට මහතා ද්විපාර්ශ්වික සාකච්ජා පවත්වමින් දෙරටේ ඓතිහාසික සබඳතා යළි තහවුරු කර ගැනිමටද එකඟත්වය පළ කළේය.
ශ්‍රි ලංකාවේ ආගමික නායකයන්ගේ සහභාගිත්වයෙන් රටේ සංහිඳියාව ඇති කිරීමට ඇති කරනු ලබන දායලු මණ්ඩලයට සහයෝගය පළ කිරීමට ස්විස් ජනපති ස්නයිඩර් අමන් මහතා කැමැත්ත පළ කළේය.
මේ කරුණු කාරණා දෙස බලන කළ ලෝක ආර්ථික සමුළුව අවසන් කරමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා යළි දිවයිනට පැමිණ ඇත්තේ අප රටට වසර ගණනාවක් තුළදීවත් අත්පත් කර ගැනීමට නොහැකි තරමේ ආර්ථික වාසි ගණනාවක්ම හිමි කර ගනිමිනි. ඉතා හොඳ පෙර සුදානමක් සහිතව මේ ජාත්‍යන්තර තලයේ සමුළුවට සහභාගි වීම තුළින් ලබන ප්රතිලාභ ඔස්සේ ශක්තිමත් ආර්ථිකයක් සහිත අභිමානවත් රටක් බිහි කිරීමේ සිහිනය මල්ඵල ගැනීමට හැකි වනු ඇතැයි මුළු රටේම විශ්වාසයයි.