ඉන්දියාවේ ඉතා ජනප‍්‍රිය චිත‍්‍රපට අධ්‍යක්ෂවරයෙක් වන කේතන් මෙහෙතා මහතා සහ සම්මානනීය ඉන්දීය චිත‍්‍රපට නිළි ෂකීනා ෂකීර් මහත්මිය ඇතුළු ඉන්දීය කලාකරුවන් කණ්ඩායමක් පාර්ලිමේන්තු ප‍්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා හමු විය.

පාර්ලිමේන්තු සංකීර්ණයේදී ඊයේ (09) මෙම හමුව සිදු විය.

මෙම අවස්ථාවට ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මැතිතුමා, ජාතික චිත‍්‍රපට සංස්ථාවේ සභාපති දීපාල් චන්ද්‍රරත්න මහතා ජර්මනියේ හිටපු ශ්‍රී ලංකා තානපති සහ ප්‍රවීන කලාකරු සරත් කෝන්ගහගේ මහතා සහ ප්‍රවීන චිත්‍රපට අධ්‍යක්ෂක දේවින්ද කෝන්ගහගේ, ශාන්තිනි කෝන්ගහගේ මහත්මිය ඇතුලු පිරිසක් ද සහභාගි වූහ.