යෝජිත ව්‍යවස්ථා සංශෝධනය පිලිබඳ මාධ්‍යවේදීන් දැනුවත් කිරීම සහ ඒ පිලිබඳ ඔවුන්ගේ අදහස් විමසීමේ වැඩසටහක් හෙට (16) පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් විසුම්පායේදී පැවැත්වේ. රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව මෙම අවස්ථාව සංවිධානය කරනු ලබයි.
මෙහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී ජයම්පති වික්‍රමරත්න මහතා සහ ජේෂ්ඨ නීතිඥ ජේ.සී. වැලිඅමුණ මහතා විසින් විශේෂ දේශන පැවැත්වීමට නියමිතය. එහිදී නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතාද මාධ්‍යවේදීන් අමතනු ඇත.
පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතා, අමාත්‍යංශ ලේකම් වජිර නාරම්පනාව මහතා මෙන්ම රජයේ ප්රවෘත්ති අධ්යක්ෂ ජනරාල් ආචාර්ය දර්ශනී ගුණතිලක මහත්මියද මෙම අවස්ථාවට සහභාගී වීමට නියමිතය.