09 වන ජාතික බාලදක්ෂ ජම්බෝරිය නිල වශයෙන් ආරම්භ කිරීමේ උත්සවය ශ්‍රී ලංකාවේ ප්‍රධාන බාලදක්ෂ ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ : 22 පස්වරුවේ යාපනය මධ්‍ය විද්‍යාල ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

යාපනය මධ්‍ය විද්‍යාල ක්‍රීඩාංගණය වෙත පැමිණි ජනාධිපතිතුමා බාලදක්ෂ, බාලදක්ෂිකාවන් විසින් ඉතා හරසරින් පිළිගත් අතර බාලදක්ෂ උත්තමාචාරයද ජනාධිපතිතුමා වෙත පිරිනැමිණි. එළිමහන් සංදර්ශන, ගිණි මැල සංදර්ශන ඇතුළු ක්‍රියාකාරකම් රැසකින් මෙම ජම්බෝරිය වරණවත් කෙරිණි. බාලදක්ෂ කොමසාරිස් නිමල් ද සිල්වා ඇතුළු මෙරට බාලදක්ෂ ව්‍යාපාරය වෙනුවෙන් කැපවූ අය වෙත තිළිණ ප්‍රදානයක් ද ජනාධිපතිතුමා අතින් සිදු කෙරුණි. උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ, ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් යන මහත්වරුන් ඇතුළු පළාතේ මහජන නියෝජිතයින් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.