අභ්‍යන්තර කටයුතු, වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව මගින් සංවිධානය කරනු ලබන 2016 රාජ්‍ය ළමා නාට්‍ය හා 2017 රාජ්‍ය කෙටි නාට්‍ය උළෙල සඳහා දැන් අයදුම්පත් බාරගනු ලැබේ.

2016 රාජ්‍ය ළමා නාට්‍ය උළෙල සිංහල , දමිළ හා ඉංග්‍රීසි මාධ්‍යයෙන් සීමිත හා විවෘත අංශවලින් පැවැත්වෙන අතර 2017 රාජ්‍ය කෙටි නාට්‍ය උළෙල සිංහල හා දෙමළ මාධ්‍යයෙන් පැවැත්වෙයි. මේ සඳහා නිර්මාණ ඉදිරිපත් කිරීමට කැමති නාට්‍යකරුවන් සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරනු ලබන අයදුම්පත නිසි පරිදි සම්පූර්ණ කර රාජ්‍ය ළමා නාට්‍ය හෝ කෙටි නාට්‍යයේ පිටපත් 03 ක් සමඟ ලියාපදිංචි තැපෑලෙන් “සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව, 8 වන මහල , සෙත්සිරිපාය, බත්තරමුල්ල” යන ලිපිනයට එවිය යුතුයි.

2016 රාජ්‍ය ළමා නාට්‍ය උළෙලේ හා 2017 රාජ්‍ය කෙටි නාට්‍ය උළෙලේ අයදුම්පත හා ව්‍යවස්ථාව ඉහත ලිපිනයෙන් හෝ සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියෙන් www.culturaldept.gov.lk ලබාගත හැකි අතර මීට අමතරව දිවයින පුරා සෑම දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සංස්කෘතික අංශයෙන් ද ලබාගත හැකිය.

අයදුම්පත් බාරගැනීම 2016 අප්‍රේල් 30 වන දින අවසන් වෙයි.

මේ පිළිබඳව වැඩි විස්තර 011 – 2872385 දුරකථනයෙන් ලබාගත හැකිය.