උතුරේ මාධ්‍යවේදීන්ගේ සහ මාධ්‍ය ආයතනවල ප්‍රශ්න හා ගැටලූ සාකච්ඡා කිරීම මෙන්ම ඔවුන්ගේ සුභසාධන කටයුතු පිළිබඳ සොයා බැලීමට පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගරු ගයන්ත කරුණාතිලක මැතිතුමා සහ නියෝජ්‍ය අමාත්‍ය ගරු කරුණාරත්න පරණවිතාන මැතිතුමා මාර්තු 26 , 27 සහ 28 යන දිනයන්හි යාපනය දිස්ත්‍රික්කයේ තෙදින නිල සංචාරයක නිරත වීමට නියමිතය. අද උදෑසන (29) ජනමාධ්‍ය අමාත්‍යංශයේ පැවති මාධ්‍ය හමුවකදී ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා විසින් මේ පිලිබඳ තොරතුරු අනාවරණය කරනු ලැබිය.
අමාත්‍යවරුන් සමඟ මාධ්‍යවේදීන් රැසක්ද මෙම සංචාරයට එක්වීමට නියමිත අතර ඔවුන් සියලුදෙනාම යාපනය බලා ගමන් කරනු ලබන්නේ දුම්රියෙන් වීම විශේෂත්වයකි. යාපනයේ පිහිටි වාලම්පුරි, උදයන්, තිනකුරල් සහ Dan Tv යන මාධ්‍ය ආයතනයන්හි නිරීක්ෂණ චාරිකාවකටද ඔවුන් එක්වනු ඇත. මෙම සංචාරය අතරතුරදී යුද්ධයෙන් මියගිය උතුරේ මාධ්‍යවේදීන්ගේ පවුල්වල සාමාජිකයින් සමඟ සාකච්ඡා කිරීමටද අමාත්‍යවරයා අපේක්ෂා කරයි. අමාත්‍යංශ ලේකම් වජිර නාරම්පනාව මහතා ඇතුළු රාජ්‍ය මාධ්‍ය ආයතන ප්‍රධානීන්ද මෙම සංචාරය හා එක්වීමට නියමිතය.