තොරතුරු දැනගැනීමේ පනත් කෙටුම්පත එළඹෙන මාර්තු 08 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ගරු කරුණාරත්න පරණවිතාන මහතා පවසයි.

මේ වනවිට සියලුම පළාත්සභාවලින් මෙම පනත් කෙටුම්පත සඳහා අනුමැතිය හිමි වී ඇත. ඒ අනුව එම පනත් කෙටුම්පත පළමුවර කියවීම ලබන අඟහරුවාදා (08) සිදු කෙරෙනු ඇත. එදින සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වෙත පනත් කෙටුම්පතෙහි පිටපත් ලබාදෙන අතර පනතෙහි දෙවන වර කියවීමට පෙර ඔවුන් විසින් යෝජනා කරන සංශෝධන සියල්ල ලබා දිය යුතු වේ.