තොරතුරු දැනගැනීමේ පනත් කෙටුම්පත සඳහා උතුරු පළාත් සභාවේ අනුමැතිය මෙතෙක් හිමිව නොමැති බැවින් එම සභවේ අනුමැතිය ලැබීමෙන් පසු පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ආණ්ඩුපක්ෂයේ ප්‍රධාන සංවිධායක,පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා ඊයේ (08) පාර්ලිමේන්තුව හමුවේ දැනුම් දෙනු ලැබීය.
තොරතුරු දැනගැනීමේ පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණත් උතුරු පළාත් සභාවේ අනුමැතිය තවමත් ලැබී නැති බවත් උතුරු පළාත් සභාව හෙට (10) දින රැස්වන බවත් එහි අනුමැතිය ලැබුණු පසු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පැවසී ය.