සියම් නිකායේ අස්ගිරි පාර්ශවයේ මහනායක අතිගෞරවාර්ග ගලගම ධම්මසිද්ධී ශ්‍රී ධම්මානන්ද අත්ථදස්යාභිධාන මහානාහිමිපාණන් වහන්සේ ඊයේ රාත්‍රීයේ අපවත් වූහ.
උන්වහන්සේ ඊයේ හදිසියේ මහනුවර ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු අපවත් වූහ. අස්ගිරි පාර්ශවයේ 21 වැනි මහානාහිමි ලෙස උන්වහන්සේ පසුගිය වසරේ අස්ගිරි කාරක සංඝ සභාවෙන් තේරි පත් විණි.
සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශවයේ මහානායක අග්ගමහා පණ්ඩිත අති පුජ්‍ය උඩුගම ශ්‍රී බුද්ධ රක්ඛිත මහානාහිමි පසුගිය වසරේ අපවත්වීමෙන් පසුව එම තනතුර සඳහා අතිපූජ්‍ය ගලගම ශ්‍රී අත්ථදස්සි හිමියන් පත් කළහ.